Saturday, December 14, 2013

මෙතන හිටියා ඇති

‘මට හිතෙනවා සුනිල්, මම මේ ආයතනයෙ පත්තරේක හිටියා ඇති කියල. මම මෙහෙන් යන්ඩයි තීරණය කරලා ඉන්නෙ.’ උපාලි සවස තේ බොමින් සිටියදී තම වෘත්තීය සගයකු වන සුනිල් සමඟ කීවේය.

‘උඹ ඕක කිව්වහම මට එකපාරටම මතක් වුණේ අර එළදෙනගෙයි මැස්සාගෙයි කතාව.’ සුනිල් සිනාසෙමින් කීවේය.

‘මොකද්ද ඒ කතාව?’ උපාලි කුතුහලයෙන් දෑස් දල්වා ඇසීය.


“එළදෙනෙකුගෙ ඇ‍ඟේ කාලයක් තිස්සෙ වහලා හිටිය මැස්සෙක් දවසක්දා එළදෙනගෙ කනට කරලා කිව්වලු 
‘මම දැන් උඹේ ඇගේ වහල හිටියා ඇති. මම වෙන තැනකට දැන් යන්ඩයි යන්නෙ’ කියල.
 එතකොට එළදෙන පුදුම වෙලා, 
‘ඇත්ත ද උඹ මෙච්චර කල් මගෙ ඇ‍ඟේ වහලා හිටිය ද?’ කියලා ඇහැව්වලු.” 
සුනිල් සෝපහාසයෙන් කීවේය.

…උපුටාගැන්ම සිළුමිණ

No comments:

Post a Comment